News Article

නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට

ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී ගොඩනැගිල්ලේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක උරුමයන්ට හානියක් නොවන පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමේ වැදගත්කම පිළිබඳව ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු කළා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ මෙහි වහලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන අතර, මුළු ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිකිරීම් අංශය වෙත භාර දී ඇති බව තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති එන්.එම්.එස්. වීරසිංහ පැවසුවා.

1894 වසරේ බ්‍රිතාන්‍ය පාලන සමයේ (Tudor) ගෘහ නිර්මාණ ශෛලියට අනුව ඉදිකරන ලද මෙම දෙමහල් ගොඩනැගිල්ල, එහි ඇති සුවිශේෂී ඔරලෝසු කුළුණ නිසාද ප්‍රසිද්ධියක් උසුලනවා.

දේශීය ජනතාවට තැපැල් සේවා සපයන අතරම සංචාරකයින්ගේ ප්‍රධාන ආකර්ෂණයක් වන මෙම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

ඔබගේ අදහස්