2025 ශිෂ්‍ය කණ්ඩායම තව මාස ගාණකට විශ්වවිද්‍යාලයට බඳවා ගන්න බැහැ - FUTA
2025 විශ්වවිද්‍යාල කණ්ඩායමට ප්‍රවේශය තවත් ප්‍රමාද වන ලකුණු
2025 විශ්වවිද්‍යාල කණ්ඩායම බඳවා ගැනීම සඳහා තවත් මාස කිහිපයක් ගතවිය හැකි බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය (FUTA) පවසයි.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සඳහා රජය විසඳුම් ලබා නොදීමත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟයත් හේතුවෙන් නව ශිෂ්‍ය කණ්ඩායම් බඳවා ගැනීම බරපතළ ගැටලුවක් වී ඇති බව එම සම්මේලනය පෙන්වා දෙයි.
එහි ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, ලබන සැප්තැම්බර් මාසයේදී 2025 උසස් පෙළ ශිෂ්‍ය කණ්ඩායම විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට පවා හැකියාවක් නොමැති තත්ත්වයක් පවතින බවය.
විශ්වවිද්‍යාලවල පැවතිය යුතු ශිෂ්‍ය කණ්ඩායම් සංඛ්‍යාවට වඩා වැඩි කණ්ඩායම් මේ වනවිටත් අධ්‍යයන කටයුතුවල නිරත වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඔබගේ අදහස්