අසිත නිරෝෂනට සහ රන්ජන් ජයලාල්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂන සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් භූමියක් බලහත්කාරයෙන් අත්කරගෙන ඇති බවට චෝදනා කරමින්, කඩුවෙල මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්රීවරුන් පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අතුරුගිරියේ මෙට්රෝ බස් නැවතුම සඳහා රථගාලක් පසුගිය සැප්තැම්බර් 29 වැනිදා විවෘත කළ අතර, ඊට අදාළ පර්චස් 100 ක භූමිය සුද්ධ පවිත්ර කිරීමේ කටයුතු පසුගිය 26 වැනිදා සිදුකර තිබුණා.
එම ඉඩම අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් බවත්, මෙම මන්ත්රීවරු එම භූමිය බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවත් එම නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය පසුව චෝදනා කර තිබුණා.
ඔවුන් මේ සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණු අතර, පසුගිය 30 වැනිදා පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂන හා කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන අය අතුරුගිරිය පොලිසියට කැඳවීමට ද පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඔබගේ අදහස්