සිවුරු ඉවත් කිරීම පිළිබඳ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් නිවේදනයක්
සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ නියෝජිත මහා සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර පසුගියදා පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වය විසින් කරුණු දැක්වීමක් සිදු කර තිබෙනවා.
බන්ධනාගාරගත කෙරෙන භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් මහානායක හිමිවරු විසින් මතු කළ කරුණු සාධාරණ බව ජනාධිපතිතුමා පිළිගත් බවත්, පවතින නීතිමය රාමුව තුළ, වසර 03කට වැඩි කාලයක් සිරගත කිරීමට නියම වූ භික්ෂූන් වහන්සේලා සිවුර සමග බාහිරට ගෙන යාමට නීතිමය බලයක් නැති බව එහිදී පෙන්වා දුන් බවත් අදාළ ලිපියේ සඳහන් වෙනවා.

ඔබගේ අදහස්