ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ වුණා.
එහිදී, ඉදිරි දින කිහිපය පුරා ප්‍රධාන නගර කිහිපයක් හරහා කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතයි.
ඒ අනුව, ඔක්තෝබර් 10: මහනුවර සිට කඩුගන්නාව දක්වා,
ඔක්තෝබර් 11: කඩුගන්නාව සිට කෑගල්ල දක්වා,
ඔක්තෝබර් 12: කෑගල්ල සිට වරකාපොළ දක්වා,
ඔක්තෝබර් 13: වරකාපොළ සිට නිට්ටඹුව දක්වා,
ඔක්තෝබර් 14: නිට්ටඹුව සිට කඩවත දක්වා,
ඔක්තෝබර් 15: කඩවත සිට කොළඹ දක්වා
සිරගත කරන ලද භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වයන් සහ සිවුර ඉවත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව මහා සංඝරත්නය මෙම ජාතික විරෝධතාව හා අධිෂ්ඨාන පූජාව දියත් කර තිබෙනවා.

ඔබගේ අදහස්