කොස්ගොඩදී හෙරොයින් සහ ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
ගාල්ල දිසා අපරාධ විමර්ශන ඒකකයට ලද රහසිගත තොරතුරක් මත කොස්ගොඩ පොලිස් වසමේ පැලෑගස්පලාත ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම ඊයේ (11) රාත්‍රී 9.00ට පමණ සිදුකර ඇති අතර, සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3,100ක් (ග්‍රෑම් 3.1ක්), මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ එම ගිනි අවියට භාවිත කරන ජීව උණ්ඩ දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගොඩ, පැලෑගස්පලාත ප්‍රදේශයේ පදිංචි මහප්පු කංකානම්ගේ විමුක්ති සම්පත් නමැති පුද්ගලයෙකි.
සැකකරු අද (12) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිස් ස්ථානය සහ ගාල්ල දිසා අපරාධ විමර්ශන ඒකකය එක්ව වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබගේ අදහස්