යුධ හමුදා බුද්ධි අංශයේ තොරතුරකට සේදවත්තේ කසුන්ගේ ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට
යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට වෙරළබඩ පොලිස් ස්ථානයේ විශේෂ විමර්ශන අංශය විසින් කොටුවිල, වැල්ලම්පිටිය ප්‍රදේශයේදි රුපියල් ලක්ෂ පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 64 කට ආසන්න ප්‍රමාණයක් සමග අවුරුදු 36 ක පුද්ගලයෙකු ඊයේ (16) දින අත්අඩංගුවට ගෙන ඇත. මොහු දැනට විදේශගතව සැඟවී සිටින සංවිධානත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සේදවත්තේ කසුන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයෙකු බවට වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ඔබගේ අදහස්