දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කෙරේ
රත්නපුර, මහනුවර, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අදාළ නිවේදනයට අනුව, ප්‍රදේශ කිහිපයක් සඳහා දෙවන මට්ටමේ ඇම්බර් අනතුරු ඇඟවීමක් ද තවත් ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ කහ අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.
දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම – ඇම්බර්
අවධානයෙන් සිටින්න
මෙම අනතුරු ඇඟවීම පහත ප්‍රදේශ සඳහා අදාළ වේ.
රත්නපුර දිස්ත්‍රික්කය: ඇලපාත, කුරුවිට, රත්නපුර.
මහනුවර දිස්ත්‍රික්කය: උඩපළාත, මැදදුම්බර, කුණ්ඩසාලේ.
නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව, නෝර්වුඩ්.
පළමු මට්ටමේ අනතුරු ඇඟවීම – කහ
විමසිලිමත් වන්න
බදුල්ල දිස්ත්‍රික්කය: හපුතලේ, හල්දුම්මුල්ල, පස්සර, හාලිඇල, ඌව පරණගම.
මහනුවර දිස්ත්‍රික්කය: යටිනුවර, උඩුනුවර, උඩුදුම්බර, දෙල්තොට, දොලුව.
කෑගල්ල දිස්ත්‍රික්කය: බුලත්කොහුපිටිය, අරණායක, මාවනැල්ල, යටියන්තොට, දැරණියගල.
මොනරාගල දිස්ත්‍රික්කය: මැදගම.
රත්නපුර දිස්ත්‍රික්කය: අයගම, ඇහැලියගොඩ, වැලිගෙපොල, කලවාන, ඉඹුල්පේ, නිවිතිගල, කොලොන්න, බලන්ගොඩ.
නුවරඑළිය දිස්ත්‍රික්කය: මතුරට, වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර.
කුරුණෑගල දිස්ත්‍රික්කය: මාවතගම, ඉබ්බාගමුව.
අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව නායයෑම් අවදානම සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙසත්, අධික වර්ෂාව පවතින අවස්ථාවලදී කඳු බෑවුම්, නායයෑම් අවදානම් ස්ථාන සහ ජලය ගලා බසින මාර්ග ආශ්‍රිතව ගමන් කිරීමේදී සැලකිලිමත් වන ලෙසත් දැනුම් දෙනු ලැබේ.
පොළොවේ ඉරිතැලීම්, ගස් හෝ විදුලි කණු ඇලවීම, බිම් ගිලා බැසීම සහ අසාමාන්‍ය ජල ගැලීම් වැනි ලක්ෂණ දක්නට ලැබේ නම් ආරක්ෂිත ස්ථානයකට යොමුවී අදාළ බලධාරීන්ගේ උපදෙස් පිළිපදින්න.

ඔබගේ අදහස්