උපාධීධාරීන් ගුරු සේවයට බදවා ගැනීමේ ඉදිරි පියවර පිළිබඳ වෘත්තීය සංගම් දැනුවත් කෙරේ
උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව ඉදිරි සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සහ බඳවා ගැනීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් සිදු කිරීම පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) ඉසුරුපාය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී බඳවා ගැනීමේ ඉදිරි පියවර, සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රමවේදය සහ මේ සම්බන්ධයෙන් සමාජයේ පවතින ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මීට පෙර පැවති අධිකරණ ක්‍රියාමාර්ග සහ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දී ඇති එකඟතාවන්ට අනුව මෙම බඳවා ගැනීම් සිදු කරන බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් පතුරුවන අසත්‍ය මතවාදයන්ට නොරැවටෙන ලෙස ඉල්ලා සිටියේය. බඳවා ගැනීමේ කටයුතු කඩිනමින් හා පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට පියවර ගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා, සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සහ සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් මෙන්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අමල් එදිරිසූරිය මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

ඔබගේ අදහස්