විහාරමහාදේවියේ බැනර් ගලවන්න ගිහින් උණුසුම් තත්ත්වයක්
කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සහ කොළඹ නගර සභාවේ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
ඒ, අදාළ භූමියේ සිටින හිමිවරුන් විසින් සවිකර තිබූ පුවරු කොළඹ නගර සභාවේ නිලධාරීන් විසින් ගලවා ඉවත් කිරීමට උත්හාහ ගැනීමත් සමගයි.
එහිදී සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා අසලට පැමිණි විහාර මහාදේවි උද්‍යාන බාර නිලධාරීන් සත්‍යග්‍රහයේ නිතර හිමිවරුන්ට දැනුම්දී ඇත්තේ අදාළ පුවරු ඉවත් කරගන්නා ලෙසත් එසේ නැතහොත් ඒ සඳහා මුදල් ගෙවන ලෙසයි.
එසේ නොවන්නේ නම් අදාළ පුවරු ඉවත් කිරීමට නිලධාරීන්ට සිදුවනු ඇති බවද ඔවුන් සත්‍යග්‍රහයේ නිරත හිමිවරුන්ට දැනුම්දී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙහිදී උද්‍යාන භාර නිලධාරීන් එහි සවිකර තිබූ බැනර් ගලවා දැමීමට පියවර ගත්තාද එම ස්ථානයේ සිටි භික්ෂූන් වහන්සේ සහ ගිහි පිරිස් ඒවා යළි සවිකිරීමට පියවර ගෙන තිබුණා.

ඔබගේ අදහස්