ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ඌව පළාත සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (25) පෙරවරු 11.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු බව සඳහන් වේ.
ඒ අනුව, අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.
අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල එළිමහන් ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත්, ගස් යට හෝ විවෘත ප්‍රදේශවල රැඳී නොසිට ආරක්ෂිත ගොඩනැඟිල්ලක් තුළ රැඳී සිටින ලෙසත් ජනතාවට උපදෙස් දෙනු ලැබේ.
කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔබගේ අදහස්