ජර්මානු ජනපතිගේ චීන රාජ්‍ය සංචාරය ඇරඹෙයි
ජර්මන් ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර් (Frank-Walter Steinmeier) අද(27) චීනයේ Anhui පළාතේ Hefei Xinqiao ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වී, සිය චීන රාජ්‍ය සංචාරය ආරම්භ කළේය.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනාවකට අනුව හෙතෙම අද(27) සිට එළඹෙන 31වැනිදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය.
එම සංචාරය අතරතුර චීන ජනාධිපති ෂී ජින්පිං, ජර්මන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට එක්වන අතර චීන අග්‍රාමාත්‍ය Li Qiang සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji යන මහත්වරුන් ද ඔහු හමුවීමට නියමිතය. ඔවුන් චීන-ජර්මානු ද්විපාර්ශ්වික සබඳතා සහ දෙරටේ පොදු අවධානය යොමු කෙරෙන කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර් ජනාධිපතිවරයා, ජර්මානු විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමය තුළ චීනයට කිහිප වතාවක්ම පැමිණ තිබිණ. 2018දී ඔහුගේ ජනාධිපති ධුරයේ පළමු වාරය තුළ ද, ඔහු චීනයේ රාජ්‍ය සංචාරයක නිරත විය.
මෙවර සංචාරය සුවිශේෂ වන්නේ, වසර අටකට ආසන්න කාලයකින් පසු ඔහුගේ පළමු චීන සංචාරය මෙය වීම හේතුවෙනි.

ඔබගේ අදහස්