News Article

සරසවි වැසෙයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩවර්ජනයක

 

විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙම මාස අවසානයේ  එක්දින වැඩවර්ජනයක නිරතවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතිය මුහුණ දෙන බරපතල හා දිගුකාලීන අභියෝගවලට ප්‍රතිචාර වශයෙන්, රජයට සහ අදාළ බලධාරීන්ට ඉදිරිපත් කරන ලද දීර්ඝ සාකච්ඡා සහ යෝජනා නොතකා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පවත්වන ලදී.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දී ඇති අර්බුද සඳහා තවදුරටත් පිළියම් ප්‍රමාද වන්නේ නම්, අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග තෝරා ගැනීමට සිදුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
 
පසුගිය වසර දෙකක කාලය මුළුල්ලේ බලධාරින් සමග මේ ගැන කතාබහ කළද කිසිදු පියවරක් ඉදිරියට තබා නොමැති බව සංගමයේ සභාපති මහාචාර්ය රුචිර ප්‍රනාන්දු මහතා සදහන් කළේය

ඔබගේ අදහස්