ශිෂ්‍යත්වය සමත් රිදීමාලියද්දේ දු දරුවන්ට උපහාර උලෙළක්
2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ රිදීමාලියද්ද ප්‍රදේශයේ දූ දරුවන් ඇගයීමේ විශේෂ උළෙලක් පසුගියදා අඳාඋල්පතදී සාර්ථකව පැවැත්වුණා.
දරුවන්ගේ අධ්‍යාපනික දක්ෂතා, කැපවීම සහ උනන්දුව ඇගයීමට ලක්කරමින් ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන ගමනට දිරිගැන්වීමක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබෙනවා.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කෙරුණු මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපති නන්දසිරි වික්‍රමසේකර මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ නියෝජිතයන් එක්ව සිටියා.
ඌව පළාත් ලේකම් අනුෂා ගෝකුල මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා.
දරුවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ අගයමින් ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් දිරිගැන්වීම අරමුණු කරගත් මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා නේත්‍රා පරිගණක පාසල සහ විමුක්ති සංසදය සංවිධාන දායකත්වය ලබාදී තිබෙනවා.

ඔබගේ අදහස්