ක්‍රිෂ් නඩුවට අදාළව නාමල් රාජපක්ෂ ඇප විදෙස් ගමන් තහනම්
ඉන්දියානු 'ක්‍රිෂ්' (KRISH) සමාගමට කොළඹ ට්‍රාන්ස්වර්ක් චතුරස්රයේ පිහිටි ඉඩමක් බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ලබා දීමේදී රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එසේම, ඔහුට විදෙස් ගමන් තහනමක් පනවා ඇත.
ඔහුගේ මව සහ පියා දැඩි ලෙස අසනීප තත්ත්වයෙන් පසුවීම සුවිශේෂී කරුණක් ලෙස සලකා ඔහු ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරුන් මීට පෙර අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එම ඉල්ලීමට අල්ලස් කොමිසම දැඩි විරෝධය පළ කරනු ලැබීය.
කෙසේ වෙතත්, දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු මෙන්ම නීතිමය තත්ත්වයන් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.

ඔබගේ අදහස්