News Article

සබරගමුව සරසවි සිසුන් ඉල්ලිම් කිහිපයක් වෙනුවෙන් විරෝධතාවයක

ශ්‍රී  ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ පවතින ආචාර්ය - මහාචාර්ය හිඟය, නේවාසිකාගාර කප්පාදුව, පවතින දේශන ශාලා හිඟය හා පරිපාලනයේ අත්තනෝමතික බලපැම්, නියමිත පරිදි මහපොල ශිෂ්‍යාධාර වාරික නොලැබීම ඇතුලු අධ්‍යයන හා සුබසාධන ගැටලු හේතුවෙන් ශිෂ්‍යයන් මෙන් ම විශ්වවිද්‍යාල අවාර්ය මහාචාර්යවරුන් ද පීඩාවට පත්ව සිටී.

සබරගමුව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පිඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ටමාෂ ද සිල්වා ශිෂ්‍යයා සදහන් කළේ මේ වන විට විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගැටළුව හා ආචාර්ය - මහාචාර්ය හිගය උග්‍ර වී ඇති බවයි.

එම ගැටළුවට වහාම විසදුම් ලබා දෙන ලෙසට රජයට සහ විශ්ව විද්‍යාල පාලනාධිකාරියට බල කර සිටින බව ඔහු සදහන් කලේය.

විසදුම් ලබා නොදුනහොත් මීට වැඩිය දැඩි පියවර ගන්නා බව ඔහු සදහන් කලේය.

පැයකට අධික කාලයක් මෙම උද්ඝෝෂණය ඊයේ (03) දින පැවැත්වුණු බව වාර්තා වේ.

ඔබගේ අදහස්