අපේ පරාජයට ප්‍රධාන හේතුව යුද්ධයයි
අමෙරිකානු මධ්‍යකාලීන මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයට අත්වූ දැවැන්ත පරාජයට හේතුව ඉරානය සමඟ පවතින යුද්ධය බව එරට උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසා තිබේ. කොන්ග්‍රසයේ බලය ඩිමොක්රටික් පක්ෂය විසින් අල්ලා ගැනීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
දේශපාලන වශයෙන් පක්ෂයට සිදුවූ බලපෑම පිළිගනිමින් 'අප පරාජයට පත්වීමට ප්‍රධාන හේතුව මෙම යුද්ධයයි. ජනාධිපතිවරයා ද ඊයේ රාත්‍රියේ එය ප්‍රකාශ කළා' යැයි වැන්ස් සඳහන් කළේය.
මීට අමතරව, ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් මතුවී ඇති ජනතා ගැටලු විසඳීමටත්, 'අමෙරිකාව මුල් තැන' (America First) ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කිරීමටත්, ඊශ්‍රායලය සමඟ පවතින සබඳතා පිළිබඳව යළි අවධානය යොමු කිරීමටත් රිපබ්ලිකන් පක්ෂය කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
මෙම යුද්ධය බරපතල දේශපාලන ප්‍රතිවිපාක ඇති කළ හැකි බවට මීට පෙර අනතුරු ඇඟවූ අයට 'මම එදාම කිව්වා නේද' (I told you so) යැයි පැවසීමට පූර්ණ අයිතියක් ඇති බවද හෙතෙම පිළිගත්තේය. මෙම මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලන දිශානතිය සහ ඡන්දදායකයින් අතර එහි පවතින තත්ත්වය පිළිබඳ ගැටලු රැසක් මතුවී තිබේ.

ඔබගේ අදහස්