යුධ හමුදා බුද්ධි අංශයේ තොරතුරක් මත කෙරවලපිටියේදී රුපියල් ලක්ෂ 98ක අයිස් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 98කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
යුද්ධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 98කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (12) වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේදී යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.
එහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 37ක් වන අතර, එහි වටිනාකම රුපියල් 9,851,500ක් පමණ වන බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු වත්තල පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබගේ අදහස්