ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (24) දිනය සඳහා විශේෂ අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
අද (24) පෙරවරුවේ නිකුත් කරන ලද මෙම නිවේදනය අද (24) මධ්‍යහ්න 12.00 සිට රාත්‍රී 11.00 දක්වා වලංගු වන අතර, අදාළ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතින බව දැනුම් දී තිබේ.
ඒ අනුව, අනුරාධපුර,අම්පාර,කළුතර,කෑගල්ල,කිලිනොච්චිය,කුරුනෑගල,කොළඹ, ගම්පහ,ගාල්ල,ත්‍රිකුණාමලය,නුවරඑළිය,පුත්තලම,පොළොන්නරුව,බදුල්ල,මඩකලපුව,මන්නාරම, මහනුවර,මාතර,මාතලේ,මුලතිව්,මොනරාගල,රත්නපුර,වව්නියාව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය වලංගු වෙයි.

ඔබගේ අදහස්