News Article

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් ඉපයූ ඇඹිලිපිටියේ ව්‍යාපාරිකයාට වැඩ වරදී

නීති විරෝධී ආකාරයෙන් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරමෙන් වත්කම් උපයා ගත්තේ යැයි කියන ඇඹිලිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ රුපියල් කෝටි 10කට අධික දේපල තහනම් කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය නිලධාරින් පියවර ගෙන තිබෙනවා.

ඊට ඇඹිලිපිටිය මහ රෝහල ඉදිරිපිට පිහිටි පෞද්ගලික ඔසුසැලක් සහිත තෙමහල් ගොඩනැගිල්ලක් සහ චන්ද්‍රිකා වැව ඉදිරිපිට පිහිටි හෝටලයක් ද ඇතුළත්.

මෙම දේපළ අදාළ පුද්ගලයාගේ බිරිඳගේ නමින් මිලදීගෙන ඇති අතර, ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය ප්‍රකාශ කිරීමට ඔහුට නොහැකි වී තිබෙනවා.

ඒ අනුව අදාළ දේපළ දින 7ක කාලයකට තහනම් කරනු ලැබුවා.

ගංජා ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන මෙම සැකකරු අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබගේ අදහස්