මීමුරේදී වෑන් රථයක් පෙරළෙයි – 4ක් ජීවිතක්ෂයට
මීමුරේ, කරඹගොල්ල ප්රදේශයේදී ඊයේ (19) පස්වරුවේ වෑන් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම අනතුරට මුහුණ දී ඇත්තේ මීරිගම ප්රදේශයේ පිරිසක් විනෝද චාරිකාවක් සඳහා මීමුරේ ගම්මානය බලා ගමන් කරමින් සිටියදීය.
පොලිස් විමර්ශන අනුව, අදාළ වෑන් රථය අධික බෑවුම් සහිත ප්රධාන මාර්ගයකින් ඉහළ වංගුවේ සිට පහළ වංගුව දක්වා මීටර් 30ක් පෙරළී ගොස් යළි ප්රධාන මාර්ගය අසළ නැවතී තිබේ.
මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු වන බව වාර්තා වේ.
තවද මෙම අනතුරෙන් තුවාල ලබා සිටින කුඩා දරුවෙකු තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සිදුවන විට වෑන් රථයේ පුද්ගලයින් හයදෙනෙකු සිට ඇති අතර, ප්රදේශවාසීන් සහය දී ඔවුන් රථයෙන් මුදා රෝහල් ගත කිරීමට කටයුතු කළහ.

ඔබගේ අදහස්