කාලගුණයෙන් රතු නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය සඳහා මෙම නිවේදනය අද (28) පස්වරු 12.30 සිට හෙට (29) පස්වරු 12.30 දක්වා වලංගු බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ විද්‍යා නිෂ්පාදනය හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රගතියේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශයේ විටින් විට ඉතා රළු වේ.
මේ අතර හලාවත සිට හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශය විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යාව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රංශ මුහුදු රළ ගොඩබිමට පැමිණේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ද නාවික සහ ධීවර ප්‍රජාවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.

ඔබගේ අදහස්