News Article

රිය අනතුරු දෙකක් - තරුණියකට සහ තරුණයෙකුට දිවි අහිමිවෙයි

ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරු දෙකකින් තරුණියක් සහ තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (02) මෙම අනතුරු සිදුව තිබුණේ පොළොන්නරුව සහ කළුතර දකුණ පොලිස් වසම්වලදීය.

පොළොන්නරුව - හබරණ මාර්ගයේ 63 වන සහ 64 කිලොමිටර් කනුව අතර ප්‍රදේශයේදී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයක ගැටී පසුපැදිකාරිය ටිපර් රථයට යටවී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකාරිය පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණියෙකි

ඔබගේ අදහස්