අලි කොරිඩෝ හතක් වැට උඩ
අලි කොරිඩෝ හතක ඉඩම් නිදහස් කරගැනීම සම්බන්ධව ගැටලු තත්ත්වයන් උද්ගතව ඇතැයි තොරතුරු අනාවරණය වේ.
අලි කොරිඩෝ 16 ක් සම්බන්ධව තොරතුරු සොයා බලා තිබෙන බවත්, ඉන් කොරිඩෝ 7ක් හැර අනෙකුත් ඒවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත ලෙස හෝ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත ලෙස යම් ආරක්ෂාවක් ලැබෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ගැටලු තත්ත්වයන් පවතින අලි කොරිඩෝ හතෙහි ඉඩම් අත්පත් කරගැනීමට කාලයක් ගතවනු ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අලි කොරිඩෝ යනුවෙන් අදහස් කරනු ලබන්නේ අලි සංචරණය වන විසුම් ප්‍රදේශවල කොටස් බවත්, අලි මෙරට භූමි ප්‍රදේශයෙන් සියයට 61 ක නිශ්චිතව වාසය කරනවා හෝ එම ප්‍රදේශ භාවිතා කර වෙනත් ස්ථානවලට ගමන් කරන බව හඳුනාගෙන ඇති බවත් වනජීවි අධ්යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ පැවසුවේය.
අලි ස්ථිර වශයෙන්ම වාසය කරනු ලබන්නේ මෙරට භූමි ප්‍රදේශයෙන් සියයට 30 ක බවත් ඔහු කීවේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ අලි කොරිඩෝ නිදහස් කරගැනීමට අදාළව සමීක්ෂණ සිදුකර තිබෙන නමුත්, ඒවා නිදහස් කරගැනීම සහ විද්‍යානුකූලව ගැසට් කිරීම සම්බන්ධයෙන් කාලයක් ගතවන බවයි.
ඉඩම් සම්බන්ධව කටයුතු කිරීමේදී එහි පදිංචි ජනතාවගේ අයිතිවාසිකම් ආදී නෛතික තත්ත්වයන් යටතේ කටයුතු කිරීමට සිදුවන බවද ඔහු පැවසීය.

ඔබගේ අදහස්