News Article

WIM කාන්තාවන් බලගන්වමින් සිදුකළා වූ වසර 15ක මෙහෙවර සමරයි

දශක එකහාමාරකට ඉහතදී කොළඹදී ආරම්භ කරන ලද Women in Management (WIM) සංවිධානය, කාන්තා ජයග්‍රහණය වෙනුවෙන් පෙනීසිටිමින් නායකත්වය උදෙසා වූ ගෝලීය වේදිකාවක් තුළ කාන්තා විශිෂ්ඨත්වය වෙනුවෙන් කළා වූ මෙහෙවර අගයමින් සිය ගමන් මග සනිටුහන් කිරීම පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම විශේෂිත වූ මොහොත සමරමින් වසර දෙකකට පසුව (WIM) සංවිධානය සිය නාමික ජාත්‍යන්තර වැඩසටහන ආරම්භ කළ කොළඹ නගරයටම නැවත සම්ප්‍රාප්තිය සනිටුහන් කර ඇත. මෙම වැඩසටහන 2025 ඔක්තෝබර් මස 7 වනදා සිට 9 වනදා දක්වා කොළඹ සිනමන් ලේක් සහ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයන් හීදී සිදුවීම් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ අතර Top50 Professional & Career Women Global Awards, Top50 Global Economic Forum, Women MSME Awards සහ NextTier Mentorship & Awards යන අංශ ඇතුළත් වේ.

මෙම ජාත්‍යන්තර වැඩසටහන සඳහා රටවල් 15 කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් නියෝජිතයන් හා ප්‍රධානීන් සහභාගී වන අතර ඒ අතරට ඇමරිකාව, මාලදිවයින, එක්සත් රාජධානිය, පකිස්ථානය, ඉන්දියාව, අප්‍රිකාව සහ එසත් අරාබී එමීර් රාජ්‍යයේ නියෝජනය කරන විනිශ්චය මණ්ඩල සාමාජිකයන් මෙන්ම මෙරට විවිධ ක්‍ෂත්ර්යන් නියෝජනය කරන සම්භාවනීය පිරිසක් ද මේ සඳහා සහභාගී වීමට නියමිතය.

මෙම වැඩසටහන පිළිබදව විනිශ්චය මණ්ඩල සභාපතිනී ගෞරී රාජන් මෙනවිය අදහස් දක්වමින් කියා සිටියේ “ Top50 සම්මාන උළෙල තනි පුද්ගල විශිෂ්ටත්වයට පමණක් නොව පරපුරක් පුරාවට පැමිණෙන කාන්තාවන්ගේ හැකියාවන් හා දක්ශතා ඇගයීමෙන්ද, ගෝලීය නායකත්වය හා විද්වත් හා වෘත්තීය කාන්තාවන්ගේ ධෛර්යය සහ දූරදර්ශනය මෙන්ම දැක්ම උත්කර්ශයට නංවන වේදිකාවක්“ බවයි.

අප්‍රිකාව නියෝජනය කරමින් පැමිණි විනිශ්චය මණ්ඩල සාමාජිකා ආචාර්ය නගෝසි ඔයවාලේ මහත්මිය අවධාරණය කරමින් කියා සිටියේ “ සැබෑ නයකත්වය යනු අන් අයව නඟා සිටවීමේ අපට කළ හැකි දායකත්වයේ පරිමාවයි, අප සැමගේම වගවීම වනුයේ ඇයට ඉදිරියට යාමට මග පෑදීම හා ඇයට සවියක් වීම. “බව ඇය කියා සිටියාය.

WIM ගෝලීය වේදිකාව යනු විවිධ ක්‍ෂේත්‍රයන්හි කාන්තා විශිෂ්ටට්යන් හා කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ සිට ඉදිරි පරම්පරාවේ නායිකාවන් බල ගැන්වීම මෙන්ම ගෝලීය ආර්ථික සංවාදය සඳහා අභිප්‍රේරණය කිරීම දක්වා වූ විවිධ ඇගයීම් හා පිළිගැනීමේ පරාසයන් පුරා විහිදෙන ක්‍රියාවලියකි.

මිනෝලී වික්‍රමසිංහ මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් MSME ( කුඩා හා මාධ්‍ය පරිමාන ව්‍යවසායිකාවන් සහිත ව්‍යාපාර) මෙම සම්මාන උළෙලේ ජාතික සංවර්ධන භූමිකාව තුළ කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායිකාවන්ගේ දායකත්වය පිළිබදව වික්‍රමසිංහ මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ “ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව යනු ජාතික සංවර්ධනයේ හදවතයි, නවෝත්පාදනය, කුසලතා පිරිපුන් බව හා නම්‍යශීලී බව තිරසර සමෟදිය ගොඩ නැංවීම සඳහා ඔවුන් හට සහාය වීමත් මග පෙන්වීමත් ඉතා වැදගත් කාරණයක්“ යැයි ඇය අදහස් දක්වමින් කියා සිටියේය.

කස්තුරි චෙල්ලරාජා විල්සන් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන භැංඑඔසැර NextTier Mentorship & Awards 2025 වර්තමාන නැගී එන නායකත්වය පිළිබදව අදහස් දක්වමින් විල්සන් මහත්මිය කියා සිටියේ “ තරුණ නායකකත්වය නැවුම් චින්තනය සහ ශක්තියගෙන එන අතර නිවැරදි මග පෙන්වීමත් සහයෝගයත් ඔවුන් වෙත ලබා දීමෙන් ශ්‍රී ලංකාවේත් ඉන් ඔබ්බටත් නායකත්වයේ අනාගතය හැඩ ගැන්වෙනු ඇති“ බවයි.

එමෙන්ම ඔයැ Top50 Global Economic Forum සඳහා Mastercard හරහා සවිබල ගැන්වෙන අතර, එහිදී ප්‍රතිපත්ති සම්පාදකයින්, ආයෝජකයන් හා ව්‍යවසායකයන් ඇතුලු නියෝජිතයන් 300 කට වඩා වැඩි පිරිසක් සම්බන්ධ වීමට නියමිතව ඇත. දීර්ගකාලීන සහයෝගීතාවය මත පදනම්ව ලෝක බැංකුවේ සාමාජිකයකු වන ජාත්‍යන්තර මූල්‍ය ආයතනය ^IFC& 15 වන Top50 Professional & Career Women Global Awards 2025 සම්මාන උළෙල සඳහා උපායමාර්ගික සහකරුවකු ලෙස කටයුතු කරනු ඇත.

15 වන Professional & Career Women Global Awards 2025 විනිශ්චය කරනු ලබන්නේ Sun Match Company විධායක අධ්‍යක්‍ෂිකා ගෞරී රාජන් මෙනවියගේ සභාපතිත්වයෙන් යුත් ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලයක් විසින්ය.

දිනේෂ් වීරක්කොඩි (යූනියන් බැංකුව), කාන්ටා සිං ^ UN Women India & නගෝසි ඔයවාලේ ^ Commonwealth Business Women Africa & ටෙස් කැචියර්ටෝ ^GWEN & මරියම් කාන් ^South Asian Development Forum&, ලෝරන්ස් මැක්වෙන් ^EST Applied Intelligence&, ආචාර්ය මරියම් ශකිලා ^SIMDI Group&, ශෙහාරා ඩි සිල්වා ^Optima Designs& සහ වෙන්කොටේශ් මහ දේවන් ^CAAS & ISPMA) සහ ආර්තී අරුණසලම් (IFC – World Bank) ඇතුළු ව්‍යාපාරික අංශයේ මෙන්ම රාජ්‍ය හා උපදේශන අංශයේ ප්‍රවීණයන් හා ප්‍රධානීන් සහභාගී වීමට නියමිතය.

කැපිටල් ට්‍රස්ට් ප්‍රොපර්ටීස් හි ප්‍රධාන විධායක් නිලධාරී මිනෝලී වික්‍රමසිංහ මහත්මියගේ මූලිකත්වයෙන් පැවැත්වෙන කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකත්ව සම්මාන 2025 සඳහා ඩෙල්විල් පෙරෙයිරා මහතා ( රොටරි සමාජය ශ්‍රී ලංකාව සහ මාලදිවයින), එරන්දිකා දිසානායක ( කර්මාන්ත අමාත්‍යාංශය ), මනෝජි වඩුගොඩපිටිය ^PAMS Hydro Power& නීලිකා තිලකරත්න ^AmCham Sri Lanka& සහ උදාන වික්‍රමසිංහ ^Adventa Technologies/Sri Lanka Tourism & යන අයගේ ප්‍රධානත්වයෙන් MSME යන අංශයේ විනිශ්චය මණ්ඩලය ලෙස ක්‍රියා කරයි.

කස්තුරි වෙල්ලරාජා විල්සන් මහතාගේ ^ COO, 5Hour International Singapore/NDB Bank & ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන NextTier Mentorship & Awards 2025 සම්මාන කාණ්ඩය යටතේ, ටෙඩී මුත්තයියා ^ SAGT & දිල්රුක්ශී කුරුකුලසූරිය ^ Diesel & Motor & සහ ආචාර්ය නිර්මාල් ද සිල්වා ^ Diverse Industries & යන මහත්ම මහත්මීන් විසින් විනිශ්චයන් සිදු කරණු ලැබේ.

එමෙන්ම 2025 Global Week හි සිවිශේෂී උපදේශකත්වයෙන් හා මඟපෙන්වීමේ කණ්ඩායම ලෙස ෆසීලා ධර්මරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් Top50 Global Awards සම්මානයද, අමාලී මුදුන්කොටුව මෙන්ඩිස් මහ්ත්මියගේ ප්‍රධානත්වයෙන් MSME සම්මානයන්ද, සුදේශී ගීගනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් NextTier Mentorship & Awards සම්මාන අංශයන් ක්‍රියාත්මක කර ඇත.

දශක එකහාමාරක ගමන් මග ගැන අතීතාවර්ජනයේ යෙදෙමින් WIM හි නිර්මාතෲවරිය හා එහි සභ එහි සභාපතිනී ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය අදහස් දක්වමින් “ මම WIM ආරම්භ කරන අවදියේ එය ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටි ඉතා කුඩා හඬක්, වර්තමානය වන විට එය මහත්ද්වීප පුරා විහිදුන නායකත්වයට හා ව්‍යවසායකත්වයට උත්ප්‍රේරණයක් සපයන් ගෝලීය සංවිධානයක්.

අපගේ අව්‍යාජ ප්‍රවේශය අලෙවිකරනය පමනක්ම නෙවෙයි මේ හරහා සමාජය වෙත ඇතිවන බල පෑමයි, පාසල් දරුවන්ට නොමිලේ ලබා දෙන ආහාර වේලේ සිට වැන්දඹු මව්වරුන් සමඟ ජීවත්වන දරුවන් 1000 කට අධික ගණනකට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම සහ මෙම වැඩසටහන ගෝලීය තලයකට රැගෙන යෑමට පෙර ශ්‍රී ලංකාව පුරා කාන්තාවන් 100,000 කට අධික සංඛ්‍යාවකින් බල ගැන්වීම දක්වා මෙම මෙහෙවර ව්‍යාප්ත කළ. හැම විටම අප කාන්තාව වෙනුවෙන් පෙනී සිටිනවා, ගෝලීය සතිය ^Global Week & කියන්නේ සැමරුමක්ම විතරක් නෙවෙයි එය ක්‍රියාවට නැංවීමක්“ බව ඇය කියා සිටියාය.

ඇගයීම, මඟ පෙන්වීම සහ දැනුම බෙදා ගැනීමේ ප්‍රබල සංකලනයන් සමඟින් උදපැබ සබ Women in Management Global Week 2025 ගෝලීය සතිය 2025 මෙම වසරේ වඩාත්ම ආශ්වාද ජනක සිදුවීම් වලින් එකක් වන බව ඉඳුරාම පැවසිය හැක.

ඔබගේ අදහස්