News Article

අග්‍රගණ්‍ය විලෝපිකයා රැකගැනීම සඳහා LOLC මෙහෙවර අඛණ්ඩව

2025 අගෝස්තු 1 වැනිදාට යෙදුනු ශ්‍රී ලංකා කොටියන්ගේ දිනය සමරමින්, දිවයිනේ පමණක් දක්නට ලැබෙන, දැඩි ලෙස තර්ජනයට ලක්වී ඇති මෙරට අග්‍රගණ්‍ය විලෝපිකයා වන ශ්‍රී ලංකා කොටියාගේ (Panthera pardus kotiya) රැකවරණය උදෙසා LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සිය දිගුකාලීන කැපවීම තවදුරටත් ශක්තිමත් කරලීමට පියවර ගනු ලැබීය.

දිවයිනේ වඩාත් පුළුල් හා බලපෑමක් ඇතිකරන සංරක්ෂණ ව්‍යාපෘතියක මෙහෙයුම් බලවේගය ලෙස LOLC, දැනුවත් කිරීම් වලින් ඔබ්බට ගොස් කල්පවතින භූමියේ මැදිහත්වීමක් දක්වා තීරණාත්මක ප්‍රතිඵල දිස්වන, පර්යේෂණ මත පදනම්වූ වැඩසටහනක් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.

මෙම මෙහෙවරේ ප්‍රධානතම පියවර වන්නේ, වන සත්ත්ව සහ ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) සමඟ එක්ව 2022 වසරේ දියත් කරන ලද, බහු-කලාපීය කොටි පර්යේෂණ සහ සංරක්ෂණ ව්‍යාපෘතියයි.කොටගල, බෙලිහුල්ඔය, සීගිරිය, කිලිනොච්චි, පානම, සහ කලවාන යන ප්‍රදේශ ආවරණය කෙරෙන ක්‍රියාකාරී සංරක්ෂණ කලාප හයක් සමඟින් දියත් කෙරුණු මෙම ව්‍යාපෘතිය ක්ෂේත්‍ර පර්යේෂණ, ප්‍රජා සහභාගීත්වය, මදු ඉවත් කිරීම මෙන්ම ජෛව විවිධත්වය සුරැකීමේ ඒකාබද්ධ ප්‍රයත්නයකි. ශ්‍රී ලංකාවේ කොටියන්ගේ සංරක්ෂණය උදෙසා පෞද්ගලිකව අරමුදල් සපයා විශාලතම ප්‍රයත්නය ලෙස ස්ථාපිත කෙරුණු මෙම ව්‍යාපෘතිය සඳහා පසුගිය මූල්‍ය වර්ෂය තුල ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 10.6 ඉක්මවයි.

2025 ශ්‍රී ලංකා කොටියන්ගේ දිනයට පිවිසීමක් ලෙස, වනජීවීන්ගේ ආරක්ෂාව පිළිබඳ ගෝලීය ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් උසස් මට්ටමේ අභ්‍යන්තර සංවාදයක් LOLC සත්කාරත්වයෙන් පවත්වන ලදී. එක්සත් රාජධානියේ වනජීවී ක්ෂේත්‍ර අධ්‍යක්ෂිකා හැනා ගෝර්ම්ලි මහත්මිය සහ කීර්තිමත් වනජීවී සිනමාකරු නෝවා ෆෝක්ලින්ඩ් මහතා, LOLC ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා සමඟ මෙම සාකච්ඡාවට එක්වූ අතර, ශ්‍රී ලංකාවට ආවේණික කොටි උප විශේෂය ආරක්ෂා කිරීමේ හදිසි අවශ්‍යතාව එහිදී ඉස්මතු කෙරුණු තේමාවයි.

“මෙම කොටියා ශ්‍රී ලංකාවේ වනාන්තරයේ සංකේතයක් පමණක් නොවේ, එය අපේ ජීවමාන උරුමයයි. එම සත්වයින්ගේ පැවැත්ම සහතික කිරීම අවිවාදාත්මක කරුණකි ” යනුවෙන් ගුණවර්ධන මහතා එම කාලීන අවශ්‍යතාව අවධාරණය කළේය.

“සංරක්ෂණය හුදෙක් විද්‍යාඥයන් මත රඳා පවතින්නක් නොවේ. ඒ සඳහා සාමූහික වගකීමක් අවශ්‍ය වේ” ලෙස සඳහන් කළ ගෝර්ම්ලි මහත්මිය එයට ගෝලීය දැක්ම එකතු කලාය. වන සත්ත්ව සහ ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) හරහා LOLC සිදුකරන කාර්යභාරය, ආයතනික නායකත්වය සහිත පාරිසරික භාරකාරත්වයෙන් අත්කර ගත හැකිදෑ පිළිබඳ ආකෘතියක් සපයයි.” අය වැඩිදුරටත් සඳහන් කළාය.

ෆෝක්ලින්ඩ් මහතා මෙම හැඟීම් ප්‍රතිරාවය කරමින්, " ශ්‍රී ලංකා කොටියා පාරිසරික වශයෙන් පමණක් නොව, චිත්තවේගීය, සංස්කෘතික හා ආර්ථික වැදගත්කමක් දරයි. LOLC හි උත්සාහයන් ආශ්වාදජනක සහ තීරණාත්මක ය" යනුවෙන් සඳහන් කළේය.

මෙම පණිවුඩය පුළුල් ලෙස ජනතාව අතරට රැගෙන යාම සඳහා LOLC සහ WNPS, සිරස TV සහ MBC මාධ්‍ය ජාලය හා එක්ව සිංහල සහ දෙමළ භාෂාවෙන් විකාශනය කෙරෙන කථාංග තුනකින් යුත් වැඩසටහන් මාලාවක් ඇතුළුව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් දිවයින පුරා දියත් කරනු ලැබේ. මෙම ටෙලි කතා මාලාව කොටියන් සංරක්ෂණය, මිනිසා සහ වනජීවීන් අතර සහජීවනය මෙන්ම ප්‍රජාව විසින් සාර්ථකත්වය ලැබූ අත්දැකීම් වශයෙන් ඉදිරිපත් කරනු ඇත.

වසරක් තිස්සේ දැනුවත් කිරීමේ මහජන සැසි 103 ක් සිදුකිරීමෙන් පසු දියත් කෙරුණු මෙම වැඩසටහනට 6,396 දෙනෙකු සහභාගී විය. මෙම දැනුවත් කිරීම් පත්‍රිකා ඇතුළු මාධ්‍ය ප්‍රකාශන දිවයින පුරා පිහිටි LOLC ශාඛා ජාලයට සහ කොටියන්ගේ වාසස්ථාන ආශ්‍රිතව ඇති අනුබද්ධ සමාගම් වල දේපල වෙතද ලබාදීමට සැලසුම් කෙරේ.

වගකීමෙන් යුතු ආයතනික පුරවැසියෙක් ලෙස, LOLC හෝල්ඩින්ග්ස් සංරක්ෂණය සහ සංවර්ධනය සහජීවනයෙන් බැඳී පවතින අනාගතයක් උදෙසා පෙරමුණ ගනී. එකමුතුකම, විද්‍යාව සහ අධ්‍යාපනය තුළින්, LOLC අප සැමට අයත් උරුමයන් ආරක්ෂා කිරීමේ උදාර මෙහෙවරේ අඛණ්ඩව නිරතව සිටි.

ඔබගේ අදහස්