News Article

පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 25ක් මියයයි

පාකිස්ථානයේ බලොචිස්තාන් පළාතේ දේශපාලන රැළියක් අතරතුර සිදුවූ බෝම්බ ප්‍රහාර තුනකින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 40 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඉන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව බලධාරීන් සඳහන් කරන කළේය.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාර තුනෙන් එක් ප්‍රහාරයක් සිදුකර තිබූ අතර ක්වෙටාහී ක්‍රීඩාංගණයක වාහන නැවැත්වීමේ අංගනයේ මෙම මරාගෙන මැරෙන පිපිරීම සිදුව තිබුණි.

පිපිරීම් සිදුවන විට, එම රැළියට බලොචිස්තාන් ජාතික පක්ෂයේ සාමාජිකයින් සිය ගණනක් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පක්ෂයේ ප්‍රධානී අක්තාර් මෙන්ගල් එම රැලියේදී කතා කිරීම අවසන් කර පිටව යමින් සිටියදී එම ප්‍රහාර සිදුව තිබේ.

ඔබගේ අදහස්