News Article

වකුගඩු රෝගීන්ගේ එන්නත මේ සතියේ

මාසයක පමණ කාලයක් තිස්සේ හිඟව පවතින වකුගඩු රෝගීන් හට අත්‍යවශ්‍ය එරිත්‍රොපොයිටින් (Erythropoietin) එන්නත මෙම සතියේ දී ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසීය. හිඟයක් මේ වනවිට පවතින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම එන්නත හිඟවීම නිසා වකුගඩු රෝග සායන සඳහා පැමිණෙන රෝගීහු දැඩි අපහසුතාවකට පත්ව සිටිති. මෙම තත්ත්වය මත වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍යවරුන්ට ද ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබේ.

එරිත්‍රොපොයිටින් එන්නත මගින් වකුගඩු රෝගීන්ගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම ඉහළ නැංවීමට සහ රතු රුධිරාණු සෛල නිපදවීම සිදුකරනු ලබන අතර වකුගඩු රෝගීන් සඳහා සතියකට එම එන්නත දෙවතාවක් එන්නත් කළ යුතුය.

ඔබගේ අදහස්