බඩඉරිඟු බලපත්‍ර නොමැතිව ත්‍රිපෝෂ නවතී
රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය බඩඉරිඟු ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නද ආනයන බලපත්‍ර නිකුත් නොකිරීම නිසා ත්‍රිපෝෂ නිෂ්පාදනය නතර වී ඇත. පසුගිය විසිඑක්වැනිදා (21 වැනිදා) සිට මෙලෙස ත්‍රිපෝෂ නිෂ්පාදනය නතරවී ඇති බව ‘සති අග අරුණ’ කළ විමසිමකදී ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක තහවුරු කර සිටියේය.
ආනයන බලපත්‍රයේ ඇතිවූ ගැටලුව හේතුවෙන් යළිත් ත්‍රිපෝෂ නිෂ්පාදනයට අදාළ බඩඉරිඟු ගෙන්වීමට සඳහා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට යොමුකර ඇති බවත් ඒ සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබාදිය යුතු බවත් සභාපතිවරයා කීය.
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සේවකයන් දෙසියඅසූවකට වැඩි පිරිසක් සේවයේ නිරතවන අතර ත්‍රිපෝෂ නිෂ්පාදනය නොකිරීම නිසා දෛනිකව එම සමාගමට සිදුවන පාඩුව ලක්ෂ හතළිස් දෙකක් පමණ වේ.
නිෂ්පාදන කටයුතු නතර කරන විට සකසා තිබූ ත්‍රිපෝෂ මේ දිනවල බෙදා හරින බවද සභාපතිවරයා කීවේය.
මේ අතර ළදරුවන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට මීට පෙර ලබා ගත් සහල් තොගයේ ඇෆලටොක්සින් ප්‍රමාණය වැඩිවී තිබුණි. එම නිසා ලබාගත් සහල් තොගයද භාවිතයට නොගත් බවද සභාපතිවරයා අවධාරණය කර සිටියේය. මේ නිසා ළදරුවන්ගේ ත්‍රිපෝෂ නිෂ්පාදනයට ද බාධා මතුව ඇත. මේ වනවිට දරුවන්ට ත්‍රිපෝෂ සෑදීම සඳහා අවශ්‍ය සහල් තොග ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු කීවේය.

ඔබගේ අදහස්