News Article

අවුරුදු 5ට අඩු දරුවන්ගේ උග්‍ර මන්දපෝෂණය අඩුවෙයි

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී මෙරට වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ උග්‍ර මන්ද පෝෂණ තත්ත්වය අඩුවී ඇති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය වෙයි.

පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය ජාතික පෝෂණ මාසය වෙනුවෙන් මේ වසරේ ජුනි මාසය දක්වා කාලය තුළ මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර ඉහත කී ළමුන්ගෙන් වයස අවුරුදු පහට අඩු ළමුන් එකොළොස් ලක්ෂ හැත්තෑ තුන්දහස් දෙසිය තිස් හත්දෙනකු (1173237) වර්ධනය තක්සේරු කිරීමක් සිදුකර ඇත.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කොට්ඨාස හයදහස් නවසිය දහඅටක් ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුන්සිය පනස් හයක වයස අවුරුදු පහට අඩු ළමුන් 1,208,769 ලියාපදිංචි කොට මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

මෙහිදී වයස අවුරුදු පහට අඩු ළමුන් නවදහස් පන්සිය හතළිස් දෙදෙනකු (9542) උග්‍ර මන්දපෝෂණයෙන් පෙළන බව ආනාවරණය වී ඇත.

එම සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව අඩු වී ඇති අතර ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට හතයි දශම හතකි (7.7%).

පසුගිය වසරේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළුණු ළමුන්ගේ සංඛ්‍යාව 10,323 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට අටයි දශම හතකි.

පුත්තලම, මුලතිව්, වවුනියාව, යාපනය යන දිස්ත්‍රික්කවල ජීවත්වන දරුවන් මෙසේ උග්‍ර මන්දපෝෂණයෙන් වැඩි වශයෙන් පෙළෙනා බවට අනාවරණය වී ඇත.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයෙන් ළමුන් වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස අටයි දශම හතකි (8.7%).v>

ඔබගේ අදහස්