News Article

තුම්මුල්ල මංසන්ධියේදී මෝටර් රථයක් ගිනි ගනී

කොළඹ තුම්මුල්ල මංසන්ධියේදී ඊයේ (01)රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පසුව මෝටර් රථයක් ගිනිගෙන තිබේ.

මහරගම දෙසින් පැමිණි කාර් රථය පාර අසල නවතා තිබූ මොන්ටෙරෝ වර්ග‍යේ ජීප් රථයක ගැටීමෙන් පසුව මෙම ගින්න හටගෙන තිබේ.

කොළඹ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න වහාම මැඩ පවත්වා ඇති අතර කාර් රථය පදවාගෙන ගිය පුද්ගලයා එම අවස්ථාවේදීම රෝහල්ගත කර ඇත.

ඔබගේ අදහස්