News Article

දුම්වැටි 28,000ක් සමග පුද්ගලයෙකු කටුනායකදි අත්අඩංගුවට

රුපියල් හතලිස් දෙලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු සමග අද (07) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි රියැදුරුවරයෙකි.

ඔහු අද අලුයම 12.45 ට ඩුබායි සිට ෆල්යි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ සහ කාඩ්බෝඩ් පෙට්ටියක් තුළ දුම්වැටි 28,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 140 සගවා ගෙන සිටියදී මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.

ඔබගේ අදහස්