News Article

කළුතර අපරාධ යළි ඉහළට

ආපදා තත්ත්වය පහව යාමත් සමඟම කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 11 ක දින දෙකක් තුළදී දරුණු ගණයේ අපරාධ 12 ක් වාර්තා වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවා.



අලුත්ගම, බේරුවල, කළුතර දකුණ, වාද්දුව, බණ්ඩාරගම පානදුර දකුණ, හොරණ, පයාගල ,අළුබෝමුල්ල, සහ අඟුරුවාතොට පොලිස් වසම් වලින් එම අපරාධ වාර්තා වී ඇති අතර ගව සොරකම් , රන්මාල සොරා ගැනීම් , රන්මාල කොල්ලකෑම් , වෙළඳසැල්, නිවාස හා ගබඩා බිඳ දේපළ සොරා ගැනීම් , ආදිය එම අපරාධ අතර වාර්තා වන බවද හෙතෙම කියාසිටියා.




එම අපරාධ එලෙස වාර්තා වී ඇත්තේ ඉකුත් දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කුලී රැකියාවේ නියුතු වුවන්ට රැකියාවක් සිදුකර ගැනීමට නොහැකිවීම මත්ද්‍රවලට ඇබ්බැහි වූවන්ට මත්ද්‍රව‍ය සඳහා මුදල් සොයා ගැනීමට නොහැකි වීම හා ආර්ථික දරිද්‍රතාවය හේතු වී ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.




ඒ අනුව ඉදිරියටත් ඒ ආකාරයේ අපරාධ තවදුරටත් සිදු නොවී වලක්වා ගැනීම සඳහා උපදෙස් 11කින් යුත් පොලිස් පණිවිඩයක් කළුතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් කළුතර දිසාවේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යොමු කර ඇතැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.


 

 

ඔබගේ අදහස්