News Article

මුහුදේ පාවෙමින් තිබු මත්ද්‍රව්‍ය තොගයට ඇල්ලු සැකකරුවන් යළි රිමාන්ඩ්

දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබී සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 22 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (9) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට නියෝග කළා .

සිද්ධියට අදාල සැකකරුවන් සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

තිරින්ද මදුෂාන්, රසික කුමාර, සංජීව දිල්ෂාන්, උදුල ප්‍රේමරත්න ,ඉරේෂ් එරංග යන සැකකරුවන් එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

සිද්ධියට අදාළ මෙම මත්ද්‍රව්‍ය තොගය මෙම සැකකරුවන් විසින් ලංකාවට ආනයනය කිරිම සම්බන්ධයෙන් චෝදනා ගොනුකර තිබෙන බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ,

ඉකුත් (14) දින නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දෙන ලද කිලෝග්‍රෑම් 839.254 ක් වන සමස්ත මත්ද්‍රව්‍ය තොගය රස පරීක්ෂක වෙත යවා අධිකරණයට වර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම පෙර නඩු දිනයේදී නියෝග කර තිබුණා.

ඉකුත් 14 වන දින තංගල්ල මුහුදේ පාවෙමින් තිබු අයිස් 670 kg 676g සහ හෙරොයින් 156 kg 542g සහ හෂිස් 12kg 036g ක මත්ද්‍රව්‍ය ප්‍රමාණය අද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එම මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්‍ෂක වෙත යැවීමට නියෝගයක් ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියා.

තංගල්ල රැකව මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු උර තොගයක් දැක තිබුණේ ධීවරයින් පිරිසක් විසින් බවද විමර්ශන නිළධාරින් පෙර නඩු දිනයකදී කරුණු දක්වා තිබුණා.

ඔබගේ අදහස්