රට වෙනුවෙන් එකාවන්ව පෙළගැසෙමු විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරමු!
රට වෙනුවෙන් එකාවන්ව පෙළගැසෙමු විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරමු!
පවතින දැඩි රශ්මිය සහිත කාලගුණයත් සමඟ ජලාශවල ජල මට්ටම පහත බැස ඇති බැවින්, රටේ ආර්ථිකය අඛණ්ඩව පවත්වාගෙන යාමට අප සැමගේ සහාය අත්‍යවශ්‍ය මොහොතක් උදාවී තිබේ ✨
කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දෙන පරිදි, විදුලිය පිරිමසා ගැනීම යනු සෘජුවම රටේ වටිනා විදේශ විනිමය සහ ඉන්ධන ඉතිරි කිරීමකි ⛽
අර්බුදය හමුවේ රජය අපහසුතාවයට පත් කර දේශපාලන වාසි සොයන පරණ ක්‍රමයෙන් බැහැරව, වගකිවයුතු පුරවැසියන් ලෙස අපට කළ හැකි කැපකිරීම් මෙන්න:
පළාත් පාලන ආයතන සහ වෙළඳ ප්‍රජාවට කරන ඉල්ලීම: රාත්‍රී 6.00 සිට 10.00 දක්වා කාලය තුළ ආරක්ෂාවට බාධා නොවන පරිදි නගරවල අනවශ්‍ය වීදි ලාම්පු සහ ප්රචාරක පුවරුවල විදුලි පහන් නිවා දමමු ව්‍යාපාරික ස්ථානවල අනවශ්‍ය විදුලි පාරිභෝජනය සීමා කරමු
අපට නිවසේදී කළ හැකි දේ:
නිවසේ දැල්වෙන විදුලි පහන් සංඛ්‍යාව අවම කරමු
රෙදි සෝදන යන්ත්‍ර වැනි විදුලිය වැඩිපුර වැයවන උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වෙමු
රශ්නය නිසා AC සහ විදුලි පංකා භාවිතය ඉහළ යන බැවින් ඒවා අරපිරිමැස්මෙන් භාවිතා කරමු ❄️ ධීවර, සංචාරක සහ කර්මාන්ත ඇතුළු සියලු ආර්ථික ක්‍රියාවලීන් ලොක්ඩවුන් කිරීමකින් තොරව ඉදිරියට ගෙනයාමට නම් මේ සහයෝගය අත්‍යවශ්‍යයි
මෙය ආණ්ඩුවට පමණක් තනිව කළ හැකි දෙයක් නොවේ. පටු බෙදීම් අතහැර රටක් ලෙස මේ අභියෝගය ජය ගන්නට අදම අත්වැල් බැඳගමු!
එක්වෙමු.. රට දිනවමු! ✨

ඔබගේ අදහස්