විදුලිය ඉතිරි කරමු
විදුලිය ඉතිරි කරමු
ශිතකරණය භාවිතයේදී දත යුතු කරුණු...
1. ශිතකරණයේ දොර නිසි පරිදි වායුව පිට නොවන ලෙස වසා තබන්න.
2. ශිතකරණයේ අරින සහ වසන වාර ගණන හැකි තරම් අඩු කරන්න. බාහිර පරිසරයේ ඇති උණුසුම් වාතය ශිතකරණය තුළට ඇතුළු වීමෙන් ශිතකරණයේ විදුලි පරිභෝජනය වැඩිවේ.
3. ශිතකරණයේ පිටුපසකොට සෘජු සූර්යාලෝකයේ හෝ උණුසුම් පරිසරයකින් බාහිරව ශිතකරණය තබාගන්න.
4. ශිතකරණය පිටුපස කොටසට හොඳ වාතාශ්‍රයක් ලබාදීම සඳහා ශිතකරණය හා බිත්තිය අතර අඟල් 10 ක් වත් පරතරය තබාගන්න.
5. ශිතකරණය තුළ උණූසුම් ආහාර තැබිමෙන් වළකින්න. උණුසුම් ආහාර කාමර උෂ්ණත්වයට පැමිණී පසු ශිතකරණයට දමන්න.
6. අධිශිතකරණ කුටිය තුළ ද්‍රව්‍යයන් නැතිවිට සිසිල්විම අඩු මට්ටමට සීරුමාරු කරන්න.
අධිශිත කිරිමට අවශ්‍යය දේවල් තිබෙනවිට උෂ්ණත්ව පාලකය 40% මට්ටමට සීරුමාරු කරන්න.
7. පිසීමට අවශ්‍යය අධිශිතකරණ කුටිය තුළ ඇති ආහාර පැය 10-12 කට පමණ පෙර ඉන් ඉවතට ගෙන සාමාන්‍ය ශීතකරණ කුටියේ තබන්න. එවිට වැයවන විදුලිය අඩුවේ.
8. එළවළු, පළතුරු ආදී ආහාර පොලිතින් වල ඔතා ශීතකරණයේ අසුරන්න. දියර වර්ග වසන ලද බඳුන්වල තබන්න. එවිට ආහාර වලින් තෙතමනය මුදා හැරීම සිමාවන බැවින් විදුලි පරිභෝජනය අඩුවේ.
9. අවශ්‍යම දේ පමණක් පිළිවෙලට ශිතකරණයේ අසුරන්න.
10. නිවසේ අවශ්‍යතාවයට ගැළපෙන ප්‍රමාණයේ ශිතකරණයක් මිලදිගන්න.

ඔබගේ අදහස්