News Article

යුධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

2026.06.21 වන දින 1405 පැයට පමණ යුධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරීන් සමඟ සිදුකල වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 232 මිල ග්‍රෑම් 740 හා විද්‍යුත් තරාදියක් සමග පුද්ගලයෙකු සේදවත්ත කුරුස කණුව අසලදි අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අංක 131/6,සීවලි පටුමග, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය ඉදිරි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් වෙත භාර දී ඇත.
 

 

ඔබගේ අදහස්