නව යුද හමුදාපති අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වැනි යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූ අතර, මෙය යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය නිල වශයෙන් හමුවූ පළමු අවස්ථාව ලෙස වාර්තා වේ.
තවද, හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු අග්‍රාමාත්‍යවරිය හමුවීමේ සම්ප්රදාය අනුව සිදු වූ මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර සම්ප්‍රදායානුකූල සමරු තිළිණ හුවමාරුවක් ද සිදුව ඇති අතර, නව යුද හමුදාපතිවරයා වෙත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සිය සුබපැතුම් පිරිනැමූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

ඔබගේ අදහස්