හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට : දක්ෂතාවය මීටර් 89.04
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා.
බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරදී පැවැති මෙම අවසන් මහා තරගයේදී මීටර් 89.04ක විශිෂ්ට දක්ෂතාවයක් දක්වමින් ඔහු මෙම ඓතිහාසික ජයග්‍රහණය හිමිකර ගත්තා.
එමෙන්ම, මෙහි දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට පෝලන්ත ක්‍රීඩක ඩේවිඩ් වැග්නර් සමත් වූ අතර, ඔහු වාර්තා කළ දුර මීටර් 87.47ක්
එමෙන්ම, ට්‍රිනිඩෑඩ් ක්‍රීඩක කෙෂෝන් වෝල්කොට් හට තෙවැනි ස්ථානය හිමි වූ අතර, ඔහු වාර්තා කළ දුර මීටර් 83.99ක්.
අදියර 15කින් සමන්විත වූ මෙවර ඩයමන්ඩ් ලීග් තරගාවලියේ නිමාවූ අදියරයන්හිදී ලබාගත් ප්‍රසාද ලකුණු මත අවසන් තරගයට සුදුසුකම් ලැබූ රුමේෂ්, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඉහළම ප්‍රසාද ලකුණු හිමිකරගත් ක්‍රීඩකයා ලෙස අවසන් තරගයට පිවිසියා.
එමෙන්ම, 2026 වසරේ ලොව හොඳම දක්ෂතාව සටහන් කළ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා ලෙසද ඔහු මෙම තරග බිමට පිවිසීම විශේෂත්වයක්.

ඔබගේ අදහස්