බින් ලාඩන්ගේ ප්‍රහාර ලැයිස්තුවේ ඉන්දියාවත් ඉඳලා වසර 25කට පසු CIA ලේඛනවලින් හෙළි වූ කතාව
2001 වසරේ සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර, අල්-කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන් විසින් ප්‍රහාර එල්ල කිරීමට සලකා බැලූ රටවල් අතර ඉන්දියාවද සිටි බව ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) විසින් නිකුත් කළ රහස්‍ය ලේඛනවලින් හෙළි වී තිබේ.
9/11 ප්‍රහාරයේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් CIA ආයතනය පසුගිය සිකුරාදා බින් ලාඩන් සම්බන්ධ ජනාධිපති බුද්ධි වාර්තා 70කට වැඩි සංඛ්‍යාවක් ප්‍රසිද්ධියට පත් කර ඇත.
එම ලේඛන එකතුව පිටු 100කට වැඩි ප්‍රමාණයකින් සමන්විත වේ. 1998 අගෝස්තු 28 වැනිදාට අදාළ ජනාධිපති බුද්ධි වාර්තාවක සඳහන් වන්නේ බින් ලාඩන් රටවල් කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි බවයි.
එහි ඉන්දියාවට අමතරව පකිස්තානය, ඊජිප්තුව, කුවේට්, සෞදි අරාබිය, යේමනය, උගන්ඩාව සහ “සමහරවිට” නයිජීරියාවද සඳහන් කර තිබේ. “Bin Ladin Terrorist Network Still a Threat” යන මාතෘකාව යටතේ නිකුත් කර ඇති මෙම ලේඛනයේ තොරතුරු මූලාශ්‍රය ඇතුළු කොටස් කිහිපයක් වාරණය කර ඇත. එමෙන්ම ඉන්දියාවේ නිශ්චිත ඉලක්කයක්, ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත දිනයක් හෝ නිශ්චිත මෙහෙයුම් සැලැස්මක් පිළිබඳ තොරතුරු එහි ඇතුළත් නොවේ.
වාර්තාවට අනුව, බින් ලාඩන්ගේ සංවිධානයට උතුරු ඇමරිකාව, යුරෝපය සහ නැගෙනහිර ආසියාව තුළ ස්ථාපිතව තිබූ ජාලයක් පැවති අතර, එම කලාපවල ඇමරිකානු අවශ්‍යතා වෙතද ප්‍රහාර එල්ල කළ හැකි බවට බුද්ධි අංශ අනතුරු අඟවා තිබිණි.
ඇෆ්ගනිස්ථානයේ සිටි බින් ලාඩන් ඇතුළු ත්‍රස්ත නායකයන් ඇමරිකානු ප්‍රහාරවලින් පසුවද රැඳී සිටි බවත්, ඔවුන්ගේ සන්නිවේදන ජාලය තවදුරටත් ක්‍රියාත්මකව තිබූ බවත් එම ලේඛනයේ තක්සේරු කර ඇත.

ඔබගේ අදහස්