News Article

අධිවේගයේ යන බස්වල ආසන පටි නැත්නම් හෝ නොදැම්මොත් නීතිය තදින්ම- පෑලියගොඩදී විශේෂ දැනුවත් කිරීමේ මෙහෙයුමක්

සැප්තැම්බර් 19 වනදා සිට ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල ගමන් කරන මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබේ. මෙම නියමය අධිවේගී මාර්ග භාවිත කරන පොදු මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ද අදාළ වේ.

ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව (NTC) සඳහන් කළේ සැප්තැම්බර් 19 සිට අධිවේගී මාර්ගවල ධාවනය වන පොදු මගී බස් රථවල ආසන පටි භාවිතය අනිවාර්ය වන බවයි.

ඒ අනුව, ආසන පටි සපයා නොමැති බස් රථ සම්බන්ධයෙන් මෙන්ම, සපයා ඇති ආසන පටි භාවිත නොකරන රියදුරන් සහ මගීන් සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගැනීමට බලධාරීන්ට හැකියාව පවතී.

නව නියමය පිළිබඳව බස් මගීන් දැනුවත් කිරීම සඳහා පෑලියගොඩ අධිවේගී මාර්ග පිවිසුමේදී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි.

එහිදී ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මගීන්ට ආසන පටි භාවිතයේ වැදගත්කම සහ නව නීතිය පිළිබඳව කරුණු පැහැදිලි කර දෙන ලදී.

ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති පී.කේ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේ විවිධ හේතූන් මත මෙම නියමය ක්‍රියාත්මක කිරීම මීට පෙර අවස්ථා කිහිපයකදී කල් දැමීමට සිදුවූ නමුත්, සැප්තැම්බර් 19 වනදා සිට එය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවයි.
 

ඔබගේ අදහස්