අදහා ගත නොහැකි වැල්වැටිතුරය පොලිකණ්ඩි වෙරළ තීරයේදී හමු වු දේ
වැල්වැටිතුරය පොලිකණ්ඩි වෙරළ තීරයේදී යුද්ධ හමුදා බුද්ධි අංශය සහ නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකින් රුපියල් ලක්ෂ 400 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගනී
යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත නෙල්ලි අඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව සිදු කල මෙහෙයුමකදී වැල්වැටිතුරය පොලිකණ්ඩි වෙරළ තීරයේ දී නීති විරෝධි ලෙස මෙරටට ප්රවාහනය කල රුපියල් ලක්ෂ 400 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝග්රෑම් 200 කට ආසන්න ප්රමාණයක් (පාර්සල් 98) සහ බෝට්ටුවක් 2025 ජුනි මස 15 වන දින අළුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වැල්වැටිතුරය පොලිස් ස්ථානයට භාර දී ඇත.

ඔබගේ අදහස්