News Article

කෝටි සීයක හෙරොයින් සන්තකයේ තබාගත් අයෙක් පෝරකේට

රුපියල් කෝටි සීයයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකුට හලාවත මහාධිකරණය විසින් අද (17) මරණ දඬුවම නියම කර තිබෙනවා.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වූයේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන මොහොමඩ් අබ්දුල් කාදර් මොහොමඩ් මුජාහිර් නමැති අයටයි.

2017 වර්ෂයේ මැයි මස 17 වැනිදා හලාවත ආනවිලුන්දාව ප්‍රදේශයේදී මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ හලාවත කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් විසින්.

එහිදී ඔහුට චෝදනා නැගුණේ රුපියල් කෝටි සීයයකට ආසන්න වටිනාකමක් ඇති හෙරොයින් තොගයක් ප්‍රවාහනය කිරීම හා ළඟ තබා ගැනීම සම්බන්ධයෙනුයි.

හලාවත හිටපු මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර විසින් හලාවත මහාධිකරණයේදී මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ඔබගේ අදහස්